Sunday, April 13, 2014

මම දැකපු අවුරුද්ද...

ඔන්න ඉතින් තවත් අලුත් අවුරුද්දක් ලැබුවා  ඈ...........
අපේ මායම් ව්ද්‍යාලයේ නිවාඩු කාලෙනේ, ඉතින්
මමත් ගියා පොඩ්ඩක් වට පිටවෙ මොකද වෙන්නෙ බලන්න. අප්පේ........ බලන්න එපැයි තිබුන සෙල්ලං.
කොල්ලො කෙල්ලො කවදට අදින්න හිතාගෙනද මන්ද ඇදුම් ගන්නව මට නිකන් විකාරේ වගෙ අප්ප. ඇත්තම කියන්න ළමයිනේ, මම ගත්තෙ මගෙ මෙ අලුත් කොස්ස විතරයි.
ඔන්න ඉතින් මම අලුත් කොස්සෙ නැගල යන්න පටන් ගත්ත  විතරයි
අප්පේ කොහෙ යන්නද ළමයිනේ පාර පුරාම මිනිස්සු එහෙට දුවනව මෙහෙට දුවනව. 
ඔන්න ඉතින් මම කොහොමහරි යන්න පටන් ගත්ත ඈ.....
අප්පේ මෙ දැන් හදෙන පොඩි එවුන් සෙල්ලම් කරන්න කියල ගන්නෙම මෙ ගින්දරත් එක්ක සෙල්ලම් කරන ඒවනෙ අම්මප.
ඕං අපෙ ගෙදරත් ඉන්නවනෙ පොඩි කොල්ලො කෙල්ලො ටිකක් ඔය අරන් අවිත් තිබ්බෙ සෙල්ලම් කොරන්න කියල. අනේ ඉතින් මම මෙ කල්පනා කොරේ අපි පොඩ් කාලෙ කොච්චර සෙල්ලම් ජාති කොරාද කියල. කොහෙද දැන් හැදෙන උන් ඔය සෙල්ලම් දන්නෙත් නැතුව ඇති.
අද කලෙ පොඩි එවුනුත් දන්නෙ අර රූප පෙට්ටිය ඉස්සරහට වෙලා කටත් ඇරන් බලන් ඉන්න නොවැ.

 දැන් ඉස්සර වගේ නෙමේ අවුරුදු උත්සව වලට යන්න ඕනෙත් නෑ නොවැ ඔය මොකද්ද ඔන් ලයින් ද මොකද්ද කියල එහෙකින් අවුරුදු උත්සවේ තියෙන සෙල්ලම් වලට ගෙදර ඉදන්ම සහභාගී වෙන්න පුලුවන් ඕං....
අප්පෙ, අපෙ කොල්ලො කෙල්ලො සෑහෙන්න ඔය අවුරුදු උත්සවේ තරග කලා මම දැක්ක.තව ටික කාලෙකින් ඉතින් ගෙදර ඉදන්ම හැම උත්සවයක්ම සංවිඩානය කොරයි ඕං...
ඔය එව්ව මෙව්ව අස්සෙ අපේ මායම් විද්‍යාලයේ අවුරුද්දක් ලබනවද කියලවත් හාං කවිස්සියක් නැති කොල්ලො කෙල්ලො ටිකකුත් ඉන්නව නේද කියල මට අමතක උනෙත් නෑ ඕං...

ඔය මොනව උනත් මෙ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියල බටකොල ආච්චිත් ප්‍රරාර්තනා කොරා ඕං.... 

5 comments:

  1. අපේ බට කොල ආච්චිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... නිරොගීමත් වාසනාවන්ත වසරක් වෙන්න ඕන....

    ReplyDelete
    Replies
    1. මේ දූවටත් ගල් මුල් වලින් තොර නිරෝගීමත් අවුරුද්දක් වේවා....!

      Delete
  2. සුබ නව වසරක් වේවා!!! දිගටම කරගෙන යන්න අපෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. අනේ.. මේ අපේ ෂැගී කොලුවනේ බොහොම ස්තූති කිවුව ඕං...

      Delete
  3. ආච්චියේ පෝච්චියේ වතුර නටනවා!!! :D
    එහෙනම් ඔන්න මං තුමත් මේ පැත්තට සැපත් උනා.
    ආයිබෝ වේවා!!!

    ReplyDelete