Saturday, May 31, 2014

සුභ උපන්දිනය


ඔන්න ඉතින ඊයේ කියන්නෙ බටකොල ආච්චිට අමතක වෙන්නෙ නැති දවසක් ,ඒ මොකද දන්නවද බටකොල අච්චිගෙ උපන්දිනේ ඊයෙ නොවැ..
අපපේ ඉතින් ඊයෙ දවස ලබන කොටම බටකොල අච්චිට සෑහෙන්න සුභ පැතුම් ආව ඕං.. සංතෝසෙ බෑ.. ඕං ඉතින් බටකොල අච්චිට පොඩි උපන්දින තෑග්ගක් හම්බ උනා නොවැ.. අර රොබෝලද බාබාලද මන්ද කියල ඉන්නෙ එයලගෙ තරගයක් බලන්න යන්න ලැබුන, අප්පේ බලන්න එපැයි ලොකූ බස් එකක් හම්බ උනා නොවැ 10 දෙනෙක්ට යන්න, අනෙ අප්පේ මට අමතක උනානෙ අපේ නාඩි කොලුවත් ගියානොවැ ඔය ගමන තව අපේ මායා ඉස්කෝලෙ ළමයි දෙතුන් දෙනෙකුත් ගියා ඕං.  ඉතින් දවල් 12 වෙනකොට නඩේ කොළබට ගියා මොකද්ද මෙ SITAM  කියල තැනකට තමා ගියේ අප්පේ බලන්න එපැයි එතන තිබ්බ සෙල්ලං අනේ ඉතින් නඩේටම බඩගිනි නිසා ගියා බත් ටිකක් කන්න මෙන්න බොලේ බත් එක රුපියල් 100, අනෙ අප්පේ අපේ මායා ඉස්කෝලෙ බත් එකක්  රුපියල් 25 නොවැ පපුව හෝස් ගෑව කට්ටියගෙම, මොනා කරන්නද බඩගිනිනෙ කාල දැම්ම, ඕං දැන් තමයි අර තරගෙ පටන් ගත්තෙ අනෙ අප්පේ පොඩි කොල්ලො ටිකක් ඔය යන්තරේ හදල තිබ්බා බටකොල අච්චිට ලැජ්ජත් හිතුන ඕං. කොහොමහරි ඉතින් ඔය තරගෙ දින්නෙ මොරටුවෙ කොල්ලො ටිකක් ,,ඕං ඉතින් කොහොමහරි වැඩෙ අහවර වෙල අපි එන්න පිටත් උනා කොහෙද ඉතින් අපෙ නඩේ ගියපු කොල්ලො කෙල්ලො ටික බටකොල අච්චිට වද දුන්නනෙ  partyද මොකද්ද ඉල්ලලා. ඔන්න ඉතින් පොඩි එවුන්ගෙ ආසාවනෙ කියල කන්න අරන් දුන්න අනෙ අප්පේ ඇස් වහක් නෑ කට වහක් නෑ අපෙ කොල්ලො කෙල්ලො ටික හොදට කෑවා. බටකොල අච්චිට ඉතින් සංතෝසෙ බෑ.   බටකොල අච්චිට තෑගිත් හම්බ උනා උපන්දිනේට ,, කොහොම හරි බටකොලාච්චිට දැන් වයස 23ක් නෙ ටික ටික නාකිත් වෙනව ඒත් ඉතින් හිතින් තරුනයි ඕං. අනේ ඉතින් බටකොල ආච්චිට මෙ උපන්දින තෑග්ගනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ ඕං.
 


Sunday, April 13, 2014

මම දැකපු අවුරුද්ද...

ඔන්න ඉතින් තවත් අලුත් අවුරුද්දක් ලැබුවා  ඈ...........
අපේ මායම් ව්ද්‍යාලයේ නිවාඩු කාලෙනේ, ඉතින්
මමත් ගියා පොඩ්ඩක් වට පිටවෙ මොකද වෙන්නෙ බලන්න. අප්පේ........ බලන්න එපැයි තිබුන සෙල්ලං.
කොල්ලො කෙල්ලො කවදට අදින්න හිතාගෙනද මන්ද ඇදුම් ගන්නව මට නිකන් විකාරේ වගෙ අප්ප. ඇත්තම කියන්න ළමයිනේ, මම ගත්තෙ මගෙ මෙ අලුත් කොස්ස විතරයි.
ඔන්න ඉතින් මම අලුත් කොස්සෙ නැගල යන්න පටන් ගත්ත  විතරයි
අප්පේ කොහෙ යන්නද ළමයිනේ පාර පුරාම මිනිස්සු එහෙට දුවනව මෙහෙට දුවනව. 
ඔන්න ඉතින් මම කොහොමහරි යන්න පටන් ගත්ත ඈ.....
අප්පේ මෙ දැන් හදෙන පොඩි එවුන් සෙල්ලම් කරන්න කියල ගන්නෙම මෙ ගින්දරත් එක්ක සෙල්ලම් කරන ඒවනෙ අම්මප.
ඕං අපෙ ගෙදරත් ඉන්නවනෙ පොඩි කොල්ලො කෙල්ලො ටිකක් ඔය අරන් අවිත් තිබ්බෙ සෙල්ලම් කොරන්න කියල. අනේ ඉතින් මම මෙ කල්පනා කොරේ අපි පොඩ් කාලෙ කොච්චර සෙල්ලම් ජාති කොරාද කියල. කොහෙද දැන් හැදෙන උන් ඔය සෙල්ලම් දන්නෙත් නැතුව ඇති.
අද කලෙ පොඩි එවුනුත් දන්නෙ අර රූප පෙට්ටිය ඉස්සරහට වෙලා කටත් ඇරන් බලන් ඉන්න නොවැ.

 දැන් ඉස්සර වගේ නෙමේ අවුරුදු උත්සව වලට යන්න ඕනෙත් නෑ නොවැ ඔය මොකද්ද ඔන් ලයින් ද මොකද්ද කියල එහෙකින් අවුරුදු උත්සවේ තියෙන සෙල්ලම් වලට ගෙදර ඉදන්ම සහභාගී වෙන්න පුලුවන් ඕං....
අප්පෙ, අපෙ කොල්ලො කෙල්ලො සෑහෙන්න ඔය අවුරුදු උත්සවේ තරග කලා මම දැක්ක.තව ටික කාලෙකින් ඉතින් ගෙදර ඉදන්ම හැම උත්සවයක්ම සංවිඩානය කොරයි ඕං...
ඔය එව්ව මෙව්ව අස්සෙ අපේ මායම් විද්‍යාලයේ අවුරුද්දක් ලබනවද කියලවත් හාං කවිස්සියක් නැති කොල්ලො කෙල්ලො ටිකකුත් ඉන්නව නේද කියල මට අමතක උනෙත් නෑ ඕං...

ඔය මොනව උනත් මෙ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියල බටකොල ආච්චිත් ප්‍රරාර්තනා කොරා ඕං....